28.3 C
Galle

සමාජවාදී තරුණයන්ට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක්. 07ක් රෝහලේ

Published:

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතායක් විසුරුවා හැරීම සඳහා අද (24) සවස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ පොලිසියය විරෝධතාකරුවන් කළහකාරී ලෙස හැසිරුණේ යැයි චෝදනා කරමින් ඔවුන් 84 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ මෙම පාගමන සංවිධානය කර තිබුණි

කොළඹ පුරහල ප්‍රදේශයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැළසුම් කර තිබිණනි. විරෝධතාකරුවන් ඩීන්ස් පාරෙන් ගොස් මරදාන දෙසට යමින් සිටිය දී සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල ඉදිරිපිට දී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහර එල්ල කළේය.

මෙම ප්‍රහාරයත් සමඟ තුවාල ලැබූ විරෝධතාකරුවන් 07 දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් 84 දෙනා අතර කාන්තාවන් 04 දෙනකු ද සිටින බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් අය අතර බෞද්ධ භික්ෂූන් නනමක් ද සිටින බව දැනගන්නට ඇත.

Related articles

error: Content is protected !!