27.6 C
Galle

මහින්ද රාජපක්ෂ ආණ්ඩු බලය ඇල්ලීමේ සූදානමක්

Published:

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නැවත ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (25) මහනුවර පැවැති ජන හමුවක දී ය.

ඒ සඳහා රට පුරා වැඩමුළු සහ සම්මන්ත්‍රණ මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද ඔහු කීවේය. රටේ සියලු අර්බුද විසඳා 2023 වසර ආරම්භයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නැවත නව ආණ්ඩුවක් පිහිටුවීම එහි අපේක්ෂාව බවත් ඔහ පවසයි.

රට වැඩියෙන්ම සංවර්ධන කළේ මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී බවත් එවැනි වැඩ කොටසක් කළ පක්ෂය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් එබැවින් මෙරට දේශපාලන බලය හිමිකර ගැනීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම පවසයි.

Related articles

spot_img
error: Content is protected !!