27.6 C
Galle

සත් දිනක් වයසැති දරුවකු 50,000කට විකුණලා

Published:

බිළිඳු දරුවකු රුපියල් 50,000ක ට මිල දී ගත් කාන්තාවක් සහ එම ගනුදෙනුවේ තැරැව්කරුවකු සැකිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ අනුරාධපුරයේ ත්‍රී රෝද රථ රියදුරෙකි

තමන් දරුවා බිහිකර දින 07කට පසු දරුවාගේ පියා විසින් දරුවා විකුණා දමා ඇතැයි 21 හැවිරිදි මව විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මව අනුරාධපුරයේ මල්වතු පටුමග පදිංචි 21 හැවිරිදි කාන්තාවකි. පොලිසිය පවසන්නේ එම දරුවා අනුරාධපුර රෝහලේ දී උපත ලබා ඇති බවයි. පොලිසිය පවසන්නේ දරුවාගේ මව සහ පියා අතර නීත්‍යානුකූල විවාහයක් නොමැති බවයි.

එම දරුවා විකිණීම සඳහා අනුරාධපුර රෝහලේ හෙදියකගේ සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවිකාවකගේ ද උපකාර ලැබී ඇතයි ද වාර්තා වේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!