28.3 C
Galle

ජපන් සහාය නැවතත් ශ්‍රී ලංකාවට

Published:

ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරමින් තිබිය දී අතහැර දැමූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එරට විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡා පවත්වා තිබේ.

එහි දී ශ්‍රී ලංකාව තුළ පුන්ර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට ද ජපානය එකඟතාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. පසුගිය රජය කාලයේ ජපාන ව්‍යාපෘති කිහිපයක් අතරමඟ නවතා දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය කණගාටුව ජපාන රජය වෙත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ණය හිමියන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය සහයෝගය ලබාදීමට ද මේ සාකච්ඡාවේ දී ජපාන රජය එකඟ වී ඇතැයි වාර්තා වේ.

ටෝකියෝ නුවර දී මෙම සාකච්ඡා පැවැත්විණි.

Related articles

error: Content is protected !!