32.3 C
Galle

වැරදුණු මංකොල්ලයේ මහ මොළකරු පොහොට්ටුවේ නියෝජිතයෙක් ?

Published:

තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු විසින් වළක්වාලන ලද රුපියල් ලක්ෂ 223ක මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවකු ලෙස රාජාංගනය ප්‍රාදේශය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැරයන්වරයා විසින් පහර දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මංකොල්ලය ඊයේ (26) සවස සිදුකිරීමට උත්සාහ ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!