27.5 C
Galle

විදුලි කණුවේ යතුරුපැදිය ගැටී තරුණයකු මරුට

Published:

ගාල්ල, කහදූවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් විදුලි කණුවක හැපී බරපතල තුවාල ලැබූ තරුණයකු මියගොස් දෙදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නවසීලන්තයේ රැකියාවක නිරතව සිටින සහන් දිනුක නමැති 28 හැවිරිදි තරුණයෙකි. නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු මිතුරන් පිරිසක් හමුවීමට ගොස් ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

පොලිසිය පවසන්නේ යතුරුපැදියේ තිදෙනකු ගමන්කර ඇති අතර එය පැදවූ තරුණයා මියගොස් ඇති බවයි.

Related articles

error: Content is protected !!