32.3 C
Galle

පාසල් සිසුවියක්, පෙම්වතාගේ උපන්දිනයට, පාසලේ දී බියර් සාදයක් පවත්වලා

Published:

හලාවත පිහිටි ප්‍රසිද්ධ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් ඇගේ පෙම්වතායැයි කියන එම පාසලේ ම තවත් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් බියර් සාදයක් පවත්වා තිබේ.

මේ සාදය පවත්වා ඇත්තේ පන්තිකාමරයේ දී ය. එම සිසුවිය සිය නිවසින් හොරකම් කරගෙන ආ රුපියල් 20,000.00කින් රසකැවිළි සහ බියර් කෑන් කිහිපයක් ද පන්ති කාමරයට ගෙනවිත් සාදය සූදානම් කර තිබේ.

පන්තියේ මෙවැනි සාදයක් පැවැත්වෙන බවට ගුරුවරුන් විසින් විදුහල්පතිවරයා දැනුම්වත් කිරීමෙන් පසු මේ කරුණු හෙළි වී ඇත. එම සාදය වහාම අතරමග නවතා දැමූ විදුහල්පතිවරයා සාදය සංවිධානය කළ සිසුවියත්, එයට සහභාගී වෙමින් සිටි උපන්දිනය සමරන සිසුවා සහ අනෙක් සිසු සිසුවියන්ගේත් දෙමාපියන් කැඳවා දැඩිව අවවාද කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!