27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (24) දිනයේ ගනුදෙනු 28,975 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,864 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 17ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,961  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,649
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 676
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 538

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් මිලියන 11
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 07
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා ලයිෆ් සමාගම 15%
  • ටී ස්මෝල් හෝල්ඩර් සමාගම 14%
  • හපුගස්තැන්න වැවිලි සමාගම 14%

සංවෘතකවය තුළ සිදුවූ ගනුදෙනු

  • එක්ස්පෝ ලංකා සමාගම  කොටස් මිලියන 10ක් රුපියල් 228.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 500,000ක් රුපියල් 55.00 බැගින්
  • සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 69.00 බැගින්
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 12.40 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 439
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 2,379ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 326ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2,053ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2,336
  • ලංකා අයි‍ඕසී සමාගම රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 06

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 275
  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 15
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!