32.3 C
Galle

ශබ්ද දූෂණ චෝදනා ලැබූ උඩුවේ ධම්මාලෝකට නොතීසි

Published:

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් ශබ්ද දූෂණය සිදුකරන බවට චෝදනා එල්ල වී සිටින උඩුවේ ධම්මාලෝක හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (28) නොතීසි නිකුත් කළේය.

ඒ ලබන ඔක්තෝබර් 31 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමිනි.

පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවකට අද (28) අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද උඩුවේ ධම්මාලෝක හිමි අද අධිකරණයට පැමිණ සිටියේ නැත.

Related articles

spot_img
error: Content is protected !!