27.5 C
Galle

කෙහෙළියට “දූෂණ” වරදකට අධි චෝදනා

Published:

අසීමිතව ජංගම දුරකථන භාවිතා කරමින් එහි ගාස්තු ගෙවීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති  බණ්ඩාර හීන්කෙන්ද හට අධිචෝදනා බාරදීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (28)  කටයුතු කළේය.

මෙලෙස දුරකථන ගාස්තු ගෙවීමෙන් දූෂණය නමැති වරද කර ඇතැයි ඔවුන්ට චෝදනා එල්ල කර තිබේ.

එලෙස අධි චෝදනා ලැබූ එම දෙදෙනා රුපියල් 30,000.00 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 150,000.00 බැගින් වටිනා දෙදෙනකුගේ ශරීර ඇප මත මුදාහැරිණි.

අමාත්‍යවරයාට නීත්‍යානුකූල ලෙස හිමිව තිබූ ජංගම දුකරථන ගාස්තු සීමාව ඉක්මවා භාවිතා කර එම බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් පියවා ගැනීමට කටයුතු කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

අල්ලස් කොමිසම විසින් මේ චෝදනාව සම්බන්ධයෙන් එම විත්තිකරුවන් දෙදෙනාට මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අදිකරණයේ නඩු පවරා තිබූ අතර එම අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්නේ අල්ලස් කොමිසන් සභාවේ කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියකින් තොරව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති බැවින් එය නීත්‍යානුකූල නොවන බවයි.

එම විරෝධතාව අනුව එම නඩුව විභාගයට ගැනීම සිදුවූයේ නැත. නමුත් නැවත අල්ලස් කොමිසම විසින් නඩුව පවරා තිබිණි.  

Related articles

error: Content is protected !!