27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 33,138 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,131 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 97ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,958  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 458
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 299
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 198

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 45
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 21
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • අමානා තකාෆුල් සමාගම 25%
  • ෂලිමර් සමාගම 20%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 434
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 190

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 71ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 50ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 07
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 06

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 39
  • රේණුක ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 1.2
  • කැලණි කේබල් සමාගම රුපියල් මිලියන 0.9

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!