27.5 C
Galle

පහ ශ්‍රේණියේ දැරියන් 05ක් අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට

Published:

පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවනියන් 05 දෙනකු ලිංගික අප‍යෝජනයට ලක්කළ බවට සැකපිට පැල්මඩුල්ලේ ජනප්‍රිය පාසලක ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුරයේ ලොල්ලුපිටියේ පදිංචි 56 හැවිරිදි අයෙකි.

එහි විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් පසුගිය අඟහරුවාදා එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මෙම ලිංගික අපයෝජනය කර ඇත්තේ තමන් බාරයේ ඇති පන්තියේ සිසුවියන් 05 දෙනකුට බව ද අනාවරණය වී ඇත.

ළමා ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ ලැබුණු තොරතුරකින් පවසා ඇත්තේ දරියන් දෙදෙනකු අපයෝජනයට ලක්කර ඇති බවයි. එම පැමිණිල්ලට අනුව පසුගිය සතියේ සිට පරීක්ෂණ ආරම්භ කර ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ දරියන් දෙදෙනකු නොව 05 දෙනකු ම අපයෝජනයට ලක්ව ඇති බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙම සිසුවියන් ඔහු විසින් අපයෝජනයට ලක්කර ඇති බව ළමා ආරක්ෂණ අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!