27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 29,550 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,498 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 07ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,951  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 364
  • එක්ස් පැක් සමාගම රුපියල් මිලියන 363
  • ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 239

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 67
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 28
  • එක්ස් පැක් සමාගම කොටස් මිලියන 21

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33%
  • එස්එන්බී ලීසිං සමාගම 22%
  • නේෂන් ලංකා සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 20ක් රුපියල් 8.40 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 06ක් රුපියල් 85.00 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 567,000ක් රුපියල් 138.00 බැගින්
  • ලංකා වෝල්ටයිල් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 82.50 බැගින්
  • එක්ස් පැක් සමාගම කොටස් ලක්ෂ 37ක් රුපියල් 17.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 283.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 428
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 237
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 191

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 139ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 94ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 45ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 79
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 16
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 14

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකා වෝල් ටයිල් සමාගම රුපියල් මිලියන 74
  • රේණුක ෆුඩ්ස් සමාගම රුපියල් මිලියන 03
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!