27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 24,568 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,578 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 20ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,931  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 260
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 182
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 174

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 21
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙලෙන්සිං සමාගම 24%
  • ගෝල්ෆේස් කැපිටල් සමාගම 18%
  • ඩිමෝ සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 1.9ක් රුපියල් 55.00 බැගින්
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 11.9ක් රුපියල් 08.40 බැගින්
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 600,000ක් රුපියල් 138.00 බැගින්
  • හුන්නස් ෆෝල්ස් හොටෙල් සමාගම කොටස් ලක්ෂ 09ක් රුපියල් 40.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 100,000ක් රුපියල් 288.00 බැගින්
  • ඇග්ස්ටාර් සමාගම කොටස් ලක්ෂ 18ක් රුපියල් 16.50 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 85.00 බැගින්
  • සීඅයිසී සමාගම (X) කොටස් ලක්ෂ 04ක් රුපියල් 70.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 425
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 190

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 209ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 139ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 70ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 59
  • හුන්නස් ෆෝල්ස් සමාගම රුපියල් මිලියන 34
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 33

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 60
  • ලංකා වෝල්ටයිල්ස් සමාගම රුපියල් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 07

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!