27.5 C
Galle

පළාත් සභා සභාපතිවරුන්ගේ දීමනා කප්පාදු කරයි

Published:

පළාත් සභා සභාපතවරුන්ගේ වාහන, ඉන්ධන සහ දුරකථන දිමනා අඩුකිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සභාපතිවරයකුට මින් ඉදිරිියට හිමිවන්නේ එක් නිල රථයක් පමණි. මෙතෙක් නිල රථ තුනක් ඔවුන්ට ලබා දී තිබිණි. එම නිල රථය සඳහා මාසිකව ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර 150ක් හිමිවෙයි. තවද කාර්යාලයීය දුරකථනය සඳහා රුපියල් 5,000.00ක දීමනාවක් සහ  ජංගම සහ නිවසේ දුරකථන වෙනුවෙන් රුපිියල් 2,500.00ක දීමනාවක් ද හිමිවෙයි.

පළාත් සභාවක නිල කාලය අවසන් වුව ද නව පළාත් සභාවක් ස්ථාපිත කරන තුරු සභාපතිවරයාගේ ධූරය බලාත්මකය.

Related articles

error: Content is protected !!