31.1 C
Galle

35 දෙනකු රැගත් යාත්‍රාවක් අනතුරක. නාවික හමුදාවෙන් බේරාගනී

Published:

කල්පිටියේ සිට බත්තලංගුණ්ඩුව දක්වා යාත්‍රා කරමින් තිබූ මගි යාත්‍රාවක් අද (01)  මුහුදේ දි අනතුරට පත්ව තිබිය දී බේරාගත් බව නාවික හමුදාව පවසයි.

එය බේරාගන්නා අවස්ථාවේ දී එහි 35 දෙනකු සිටි බව ද නාවික හමුදාව කියයි.

මගී ප්‍රවාහන යාත්‍රාවේ පතුලේ යමක් තදින් ගැටීමන් පසු එහි ඇතුලට ජලය කාන්දුවීමක් සිදුව ඇත. සියලු දෙනා නිරුපද්‍රිතව බත්තලංගුණ්ඩුව දූපත් වෙත ගෙන යාමට හැකි වී ඇතැයි ද පැවසේ. මෙම යාත්‍රාවේ ගමන් කර ඇත්තේ බත්තලංගුණ්ඩුව දූපත්වල ධීවර කර්මාන්තයේ නිරතවීමට යන පිරිසකි.

Related articles

spot_img
error: Content is protected !!