31.1 C
Galle

පාපන්දු තරඟයක ගැටුමකින් 129ක් මරුට

Published:

ඉන්දුනීසියාවේ පාපන්දු තරඟයකින් පසු ඇති වූ ගැටුමකින් 129 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හි පැවති තරඟක දී අරේා ගෝල 3-2කින් පරාජයට පත්වූ පසු ජාවානිස් සමාජ ශාලා වන අරේමා සහ පර්සෙබායා සුරබයා කණ්ඩායම් දෙකෙහි ආධාරකරුවන් අතර මෙම ගැටුම ඇති වී තිබේ.

තුවාල ලැබූ සංඛ්‍යාව තවමත් නිශ්චිත නැත. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද සිටිති.

අරේමා කණ්ඩායම පරාජයට පත්වීමත් සමඟ එම කණ්ඩායමේ ආධාරකරුන් දහස් ගණනක් ක්‍රීඩා පිටියට කඩා වැදීමෙන් ගැටුම ඇති වී තිබේ. අරේමා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් ප්‍රහාර එල්ල වී ඇත. මෙම කලහකාරී තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

මෙම මාරාන්තික ගැටුම හේතුවෙන් ඉන්දුනීසියා පාපන්දු ලීග් තරඟාවලිය සතියක කාලකට අත්හිටුවා තිබේ.

https://www.theguardian.com/world/2022/oct/02/indonesia-football-fans-killed-east-java-arema-malang

Related articles

spot_img
error: Content is protected !!