27.5 C
Galle

පළාත් සභා නඩත්තුවට මුදල් නැති‍ වෙයි

Published:

පළාත් සභා පවත්වාගෙන යාමට මුදල් නොමැති වීමෙන් බරපතල ගැටලු සහගත තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඌව, උතුර, උතුරු මැද යන පළාත් සභාවල තත්වය වඩාත් දරුණු වී ඇත. පළාත් සභාවට ආදායම් ඉතාමත් අවම වීම හේතුවෙන් මේ තත්වය උදා වී ඇත. බස්නාහිර පළාත් සභාව පවත්වාගෙන යාමට යම් තරමින් ආදායම් ඇති බැවින් එහි මේ තරම් ගැටලුවක් ඇතිවී නැතැයි ද වාර්තා වේ.

දැනට පළාත් සභා සතුව ඇති මුදල් සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් ප්‍රමාණවත් බවත් ලිපි ලේඛන සඳහා අවශ්‍ය කඩදාසි පවා මිල දී ගැනීමට ප්‍රමාණවත් මුදල් පළාත් සභා සතුව නොමැති බවත් වාර්තා වේ.

මේ වනවිට පළාත් සභා කාලය අවසන් වී වසර තුනක් ගත වී ඇත. තවමත් පළාත් සභා මැතිවරණ පැවැත්වී‍මට සැළසුම් කර නැත. ආණ්ඩුකාරවරුන් යටතේ පළාත් සභා පවත්වාගෙන යාම සිදුවේ.

Related articles

error: Content is protected !!