29 C
Galle

ගාල්ලේ පිහිටි ආසියාවේ එකම සබ්මැරීන් කේබල් මධ්‍යස්ථානය නිරීක්ෂණයට ඇමෙරිකා තානාපතිනිය යයි

Published:

ගාල්ලේ පිහිටා ඇති සබ්මැරීන් කේබල් නඩත්තු මධ්‍යස්ථානය නිරික්ෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග් කටයුතු කළාය.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සහ සිංගප්පූරු සමාගමක් එක්ව පවත්වාගෙන යන මෙම කේබල් මධ්‍යස්ථානය දකුණු ආසියාවේ ස්ථාපිත කර ඇති එවැනි ප්‍රථම කේබල් මධ්‍යස්ථානය ලෙස සැළකේ.

2018 වර්ෂයේ දී එම මධ්‍යස්ථානය ආරම්භ කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ඇමෙරිකානු තානාපතිනිය සමඟ ආර්ථික ඒකකයේ ප්‍රධානී පිලිප් ලුස්ලි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෙහාන් ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related articles

spot_img
error: Content is protected !!