27.5 C
Galle

රිච්මන්ඩ් සිසුන් අතර ගැටුමකින් තිදෙනකු රෝහලේ

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර අද (03) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඇතුළත් කර ඇති සිසුන් දෙදෙනකුගේ හිසට තුවාල සිදුව ඇති බවත් අනෙක් සිසුවාගේ නාසයට හානි සිදුව ඇති බවත් වෛද්‍යවරු කියති.

අවස්ථා කිහිපයක දී විද්‍යාලය තුළ දී සිසුන් අතර ගැටුම් ඇති වී ඇති අතර එය පාලනය කිරීමට විදුහල්පතිවරයා පවා අපොහොසත් වී ඇතැයි දෙමාපියෝ චෝදනා කරති.

අද (03) දහවල් සිසුන් අතර ඇති වූ ගැටුමෙන් අනතරුව පාසලේ වෑන් රථයෙන් ම තුවාල ලැබූ සිසුන් කරාපිටයට ගෙනවිත් රෝහල්ගත කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිසුන් අතර අද ගැටුම ඇති වී තිබෙන්නේ පසුගිය සිකුරාදා (30) සිදු වූ ගැටුමක තවත් කොටසක් වශයෙන් බවත් මෙම ගැටුම අද අනිවාර්යයෙන් ම ප්‍රතිි ප්‍රහාරයක් එල්ල කරන බවට සිසුන් පිරිසක් තවත් පිරිසකට තර්ජනය කර තිබූ බවත් විදුහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් අද සවස කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් තුවාල ලැබූ සිසුන් හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related articles

error: Content is protected !!