26.1 C
Galle

සනත් නිශාන්තට එරෙහිව විනිසුරුවරුන්ගෙන් පැමිණිල්ලක්

Published:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව දන්වමින් අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

එම පෙත්සම මගින් දක්වා ඇත්තේ අරගලයේ යෙදුණු අයට ඇප ලබාදීම සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත්වරු සතු බලය අභියෝගයට ලක්කර ඇති බවයි. එමගින් ඔහු අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක්කර ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථාවේ 105(3) වගන්ති යටතේ වරදක් සිදුකර ඇතැයි ද එහි සඳහන් කර ඇත.

පසුගිය අගෝස්තු මස 23 වැනි දා ඔහු කරන ලද එම විවේචනාත්මක ප්‍රකාශ පිළිබඳව විභාගයක් පවත්වා ඔහුට දඩුවම් පමුණුවන ලෙස ද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

රටේ සියලු මහෙස්ත්‍රාත්වරු සහ දිසා විනිසුරුවරු මෙම සංගමයේ සාමාජිකත්වය දරති.

Related articles

Recent articles

error: Content is protected !!