27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 42,743 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,541 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 412ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,237  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,411
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 448
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 273

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 30
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 27
  • එස්එන්බී ලීසිං සමාගම (X)  කොටස් මිලියන 25

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • දංකොටුව පෝසිලේන් සමාගම 05%
  • ගෙස්ට්ටෙට්නර් සමාගම 05%
  • ඔඩෙල් සමාගම 05%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 07ක් රුපියල් 81.00 බැගින්
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 23ක් රුපියල් 8.40 බැගින්
  • දංකොටුව පෝසිලේන් සමාගම කොටස් මිලියන 08ක් රුපියල් 25.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 341
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 220
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 62ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 41ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 21ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 9.9
  • බයිරහා ෆාම් සමාගම රුපියල් මිලියන 9.3
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 8.3

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට සමාගම රුපියල් මිලියන 4.8
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 4.1
  • ෆොර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 3.3

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!