27.5 C
Galle

රාජපක්ෂ, COPE කමිටුවේ මුල් පුටුවට

Published:

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා‍ ලෙස රාජපක්ෂ වරයකු පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී රාජපක්ෂ වාසල තෙන්නකෝන් මුදියන්සේලාගේ රංජිත් බණ්ඩාර එම තනතුරට පත්ව ඇත.

කෝප් කමිටුවේ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ඔහු එහි සභාපතිවරයා ලෙස තේරී පත්වූයේය. මේ සභාපතිධූරය සඳහා රංජිත් බණ්ඩාර රාජපක්ෂට අමතරව ‍සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද ඉදිරිපත් වූයේය.

ඡන්ද විමසීමේ දී රංජිත් බණ්ඩාර රාජපක්ෂට ඡන්ද දාහතරයක් ලැබුණු අතර එරාන් වික්‍රමරත්නට ලැබුණේ ඡන්ද හතක් පමණි.

රංජිත් රාජපක්ෂ ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ඔහු විශ්වවිද්‍යාල මට්ටමේ සේවයක නිරතව සිටිය දී ය.

1961 වර්ෂයේ උපන් ඔහු සිරිමල්වත්ත රාජපක්ෂ විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික උපාධිය හදාරා ඇති රන්ජිත් බණ්ඩාර රාජපක්ෂ ආර්ථිික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කරගනෙ ඇත්තේ 1992 වර්ෂයේ දී ය. ඉන් පසු ස්වභාව සම්පත් කළමනාකරණය සහ තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ නෝවේර් රජ්‍යයේ කෘෂිකර්ම විශ්වවිද්‍යාලයෙන් ද ශාස්ත්‍රපති විද්‍යා උපාධියක් ලබාගත් ඔහු ක්වීන්ලන්තයේ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.

Related articles

error: Content is protected !!