26.6 C
Galle

රිච්මන්ඩ් විදුහලේ සිදු වූ ගැටුමේ සිසුන් 04කට ඇප දෙයි

Published:

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දී පසුගිය සඳුදා (03) සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක දී රෝහල්ගතවන ලෙස සිසුන්ට පහරදුන්නේ යැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනා දැඩි ලෙස අවවාද කර ඇප මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ නියෝග කළාය.

ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගත් එම සිසුන් අද (06) ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එහි දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔවුන් එක් අයකු සඳහා රුපියල් 10,000.00 බැගින් මුදල් ඇප සහ එක් අයකු සඳහා රුපියල් 100,000.00 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළාය. එම ශරීර ඇප සඳහා එම සිසුන්ගේ මව හෝ පියා ඉදිරිපත් විය යුතු බව ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

තව ද, තුවාල ලැබූ සිසුන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙසත සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විභාගය නොවැම්බර් මස 09 වැනි දා කැඳවීමට ද තීරණය කළාය.

Related articles

spot_img
error: Content is protected !!