27.5 C
Galle

හඳහන බැලීමට ගිය දරුවාට භික්ෂුවක් ලිංගික අතවර කරයි

Published:

අසනීපයෙන් පසුවන දරුවකුගේ හඳහන බැලීමට රැගෙන ගිය අවස්ථාවේ දී හඳහන බැලූ හිමියන් විසින් එම දරුවා ලිංගික අපයෝජනයට ලක්කර ඇතැයි අනුරාධපුරයේ පරසන්ගස්වැව පොලිසිය කියයි.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14ක්වූ පිරිමි දරුවෙකි.

පසුගිය 08 වැනි දා ඔහු තම දෙමාපියන් සමඟ අදාල බෞද්ධ භික්ෂුව හමුවීම පිණිස පුවරසන්කුලම ප්‍රදේශයේ පිහිටි කේන්දර බැලීම, ශාන්ති කර්ම කිරීම සහ පලාපල කියවීම සඳහා ප්‍රසිද්ධ විහාරස්ථානයකට ගොස් තිබේ.

එම අවස්ථාවේ‍ දරුවාට ශාන්තිකර්මයක් කිරීමට අවශ්‍යයැයි පවසමින් දෙමාපියන් එම ස්ථානයෙන් එළියට යවා දරුවාගේ ඇඳුම් ගලවා අතවර කර තිබේ. එම අවස්ථාවේ දී බියට පත්වූ දරුවා හිමියන්ගෙන්  මිදී දෙමාපියන් රැඳී සිටි ස්ථානයට දුවගෙන ආ බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිසිය පවසන්නේ මේ සම්බන්ධ මූලික පරීක්ෂණයකින් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවයි.

Related articles

error: Content is protected !!