26.6 C
Galle

රාජකීය විදුහල්පති, ගුරුවරයකුට තරවටු කළාදැයි සෙවීමට පරීක්ෂණයක්

Published:

ගුරුවරයකුට තරවටු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ රාජකිය විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදුහලේ ගුරු දිනය සැමරීමේ වැඩසටහනක දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ දේශනයක් සාවධානව ඇහුම්කන් නොදුන්නේ යැයි කියමින් විදුහල්පති සනත් ජයලත් විසින් ගුරුවරයකුගේ අතින් අදිමින් වඩි ගන්නා ලෙස තදින් ප්‍රකාශ කළා යැයි කියන සිද්ධියක් මේ විමර්ශනයට හේතු වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ මේ වැඩසටහන පැවැත්විණි. විදුහල්පතිවරයාගේ මේ ක්‍රියාවට එරෙහිව ගුරු මණ්ඩලය ඊට පසු දින ඉගැන්වීම් කටයුතුවලින් ද ඉවත්ව සිට ඇති අතර ඔවුන් යළි ඉගැන්වීම් ආරම්භකර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට වූ පොරොන්දුවෙන් පසුවය.

Related articles

spot_img
error: Content is protected !!