26.6 C
Galle

ආර්ථිකය කඩා වැටෙන බව ලෝක බැංකුව කියයි

Published:

ලෝකයේ ආර්ථිකය 2023 වර්ෂයේ කඩා වැටෙන බව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ වාර්සික සමුළුවේ දී ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්‍ෆාස් අද (10) කීවේය.

2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව ඇමෙරිකාවේ වොෂිංටන් හි දී අද ආරම්භ විය. මෙම සමුළුව ලබන 16 වැනි දා දක්වා පැවැත්වේ. ‍

ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම, ආර්ථිකයේ ගෝලීය ප්‍රමුඛතා, ආර්ථික සංවර්ධනය යන කරුණු  කෙරෙහි මෙම සමුළුවේ දී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන පිරිස සමුළුවට එක්ව සිටිති.

Related articles

spot_img
error: Content is protected !!