27.5 C
Galle

මත්පැන් නොදෙතැයි දුක කියමින් නැටූ ගුරුවරුන්ට වැඩ වරදියි ද ?

Published:

මීගමුවේ කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ගුරු දිනය දා මත්පැන් ගැන කියමින් ගුරුවරියන් නර්ත‍නයේ යෙදීම සම්බන්ධයෙන් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

ගුරුවරු සහ ගුරුවරියන් පිරිසක් “‘‘මේ මධ්‍යසාර බිමේ ජොලිය – ගෑණු නොදන්නේ – ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ” යන ගීතයට නර්තනයේ යෙදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

එම ගීතය පාසලක් තුළ ගැයීමට නුසුදුසු බවත්, ඊට ගුරුවරු නර්තනයේ යෙදීම වැරදි ආදර්ශයක් බවත් පවසමින් එම පැමිණිල්ල යොමුකර තිබේ.

මෙය පැරණි චිත්‍රපට ගීතයකි.

Related articles

error: Content is protected !!