26.8 C
Galle

එරික් සෝල්හයිම්ට ශ්‍රී ලංකාවෙන් තනතුරක්

Published:

මේ සම්බන්ධයෙන් එරික් සොල්හයිම් සිිය නිල ට්විටර් ගිනුමේ සටහනක් ද තබා ඇත. ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හරිත අර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික නායකත්වය සඳහා ජනාධිපතිතුමාට විශිෂ්ඨ දැක්මක් තිබෙන බවයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස එරික් සොල්හයිම් පත්කර ඇතැයි වාර්තා වේ.

නෝර්වේ ජාතිකයකු වන එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවේ වර්ගවාදී අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා විශාල ප්‍රයත්නයක නිරත වූ අතර චන්ද්‍රිකා – රනිල් ආණ්ඩු කාලයේ දී එල්ටීටීඊ සංවිධානය සමඟ සාම ගිවිසුම අත්සන් කිරීමේ දී ද අතරමැදි කාර්යයක් ඉටු කළේය.

ඔහු ඉන් පසුව ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම සටහන් තබන පුද්ගලයෙකි.

Related articles

spot_img
error: Content is protected !!