27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 28,259 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,300ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 108ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,853  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 550
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 379
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 194

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 05
  • ලංකා අයිඕසී සමාගම කොටස් මිලියන 2.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • පැරගන් හෝටල් සමාගම 20%
  • සපුගස්තැන්න වැවිලි සමාගම 16%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 303
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • ජෝන් කීල්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 177

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 45ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 14ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 31ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • කොමර්ෂල් බැංකු රුපියල් මිලියන 22
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 04
  • ෆෝර්ට් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 2.6

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ආසිරි රෝහල් සමාගම රුපියල් මිලියන 3.9
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 01
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!