27.1 C
Galle

පලාගිය නයිජීරියානුවා පොලිස් ත්‍රී රෝද රියට අත දාලා

Published:

වැළිසර මහබාගේ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි නයිජීරියානු ජාතිකයන් තිදෙනකු පලාගොස් ඇතැයි මහබාගේ පොලිසිය පවසයි. පලා යමින් සිටි එක් නයිජීරියානු ජාතිකයෙකු පසුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

මොවුන් මූල්‍ය වංචාවකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා තිබිණ.

මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රී රෝද රියට, පලා යමින් සිටි නයිජීරියානු ජාතිකයින් දෙදෙනකු අත දමා ඇති බවත් එම අවස්ථාවේ ඔවුන් ගැන සැක සිතා පරීක්ෂා කිරීමේදී එක් අයෙකු පලා ගිය බවත් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.

පසුව අත්අඩංගුවට ගත් සැකකරු වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර ඔක්තෝබර් 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පලාගිය සැකකරුවන් සොයා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!