27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 20,274ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,880ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 109ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,983  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් ‍පොහොර සමාගම රුපියල් මිලියන 383
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 221
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 169

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 20
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • එච්ඩීඑෆ්සී බැංකුව 18%
  • ඔන්ලේ හෝල්ඩින්ස් සමාගම 18%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම කොටස් ලක්ෂ 07ක් රුපියල් 106.00 බැගින්
  • හැටන් නැෂනල් බැංකුව කොටස් 466,000ක් රුපියල් 78.50 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් 250,000ක් රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 314
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • නන්ද ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 136ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 49ක් කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 87ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 92
  • එක්ස්පෝ ලංකා සමාගම රුපිියල් මිලියන 15
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 02
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!