27.1 C
Galle

නාවිකයන් සමඟ අතුරුදන් වූ නාවික යාත්‍රාව ගැන තොරතුරු ලැබෙයි

Published:

නාවික හමුදාවේ 06 දෙනකු සමඟ අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳ තොරතුරක් ලැබී ඇති බැවින් එය ගොඩබිම වෙත රැගෙන ඒමට තවත් නාවික හමුදා යාත්‍රාවක් යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

සැකකටයුතු යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා මෙම යාත්‍රාව සේවයේ යොදවා තිබිණි. 16 වැනි දා ඒ සඳහා දකුණු මුහුදු තීරයට පිටත්ව ගිය යාත්‍රාවේ එන්ජිම ක්‍රියාවිරහිත වී ඇති අතර ගොඩබිම සමඟ තිබූ සන්නිවේදන කටයුතු ද බිඳ වැටී ඇත.

නාවික හමුදාව සැකකරන්නේ යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවට පාවී යන්නට ඇති බවයි.

මෙම යාත්‍රාව දකුණු ප්‍රදේශයේ මුහුදේ ඇති බව අද (18) පෙරවරුවේ වෙනත් යාත්‍රාවක් විසින් නාවික හමුදාවට දැනුම් දී තිබිණි.

එය ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!