27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 20,095ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,874ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 117ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,866 ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් ‍පොහොර සමාගම රුපියල් මිලියන 380
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 352
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 129

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 19
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 14
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ට්‍රස්ට් බැංකුව (X) සමාගම 12%
  • ටෙස් ඇග්‍රෝ සමාගම (X) බැංකුව 10%
  • ඊබී ක්‍රීසි  සමාගම 09%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 305
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
  • නන්ද ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 54ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 24ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 30ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඇලුමැක්ස් සමාගම රුපියල් මිලියන 13
  • සීඅයිසී සමාගම රුපිියල් මිලියන 12
  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 6.6
  • ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 5.5
  • ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 3.6

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!