27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 16,754 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,534ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 22ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,888 ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් ‍පොහොර සමාගම රුපියල් මිලියන 344
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 114
  • ලංකා වෝල්ටයිල්ස් සමාගම රුපියල් මිලියන 109

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඇග්ස්ටාර් පොහොර සමාගම කොටස් මිලියන 16
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 14
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • අමානා ලයිෆ් සමාගම 21%
  • මුලර්ස් සමාගම 16.6%
  • සෙලාන් බැංකුව (X)  සමාගම 16.6%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ලංකා වෝල්ටයිල්ස් සමාගම කොටස් 286,000ක් රුපියල් 70.00 බැගින්
  • සීඅයිසී සමාගම (X) කොටස් 600,000ක් රුපියල් 74.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් 150,000ක් රුපියයල් 11.50 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 302
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 192
  • නන්ද ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 66ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 13ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 53ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීඅයිසී සමාගම රුපිියල් මිලියන 47
  • සො‍ෆ්ට් ලොජික් සමාගම රුපියල් මිලියන 03
  • යුනියන් බැංකුව රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ඇග්ස්ටාර් පො‍හොර සමාගම රුපියල් මිලියන 3.1
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 2.6
  • රිල් ප්‍රොපර්ටි සමාගම රුපියල් මිලියන 1.5

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!