27.2 C
Galle

කතක අත්අඩංගුවට ගෙන අතවර කළැයි කොස්තාපල්වරුන් දෙදෙනා බන්ධනාගාරයට

Published:

කාන්තාවක් අත්අඩංගුවට ගෙන බලෙන් රඳවාගෙන ලිංගික අතවර කළා යැයි එල්ල වූ චෝදනාවලට වැරදිකරු වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවම් නියම  කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ පිටකොටුව පොලිසි‍යට අනුයුක්තව සිටි කොස්තාපල්වරු දෙදෙනකු වූ එම්.ජයරත්න සහ එස්.විජේසිංහ යන දෙදෙනාටය.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි විනිසුරුවරයා ඔවුන්ට සිර දඬුවමට අමතරව රුපියල් 15,000.00 බැගින් දඩයක් ද නියම කළේය.

2015 වර්ෂයේ දී කාන්තාවක අත්අඩංගුවට ගෙන ලිංගික අතවර කිරීම ඇතුළු කරුණු 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

Related articles

error: Content is protected !!