කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ ගනුදෙනු 14”832 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,496 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 150ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,738 ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 403
- එල්අයිඕසී සමාගම රුපියල් මිලියන 240
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 145
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 17
- කොමර්ෂල් බැංකුව කොටස් මිලියන 08
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සිලෝන් බෙවරේජර්ස් සමාගම 13%
- ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 10%
- හේලීස් ෆයිබර් සමාගම 08%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- කොමර්ෂල් බැංකු කොටස් මිලියන 7.03ක් රුපියල්50.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 287
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 31ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 414ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 383ක මුදලක් කොටස් වෙළෙඳ පොළට එකතු කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සීඅයිසී සමාගම රුපිියල් මිලියන 16
- ඇග්ස්ටාර් පොහොර සමාගම රුපියල් මිලියන 04
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 02
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- කොමර්ෂල් බැකුව රුපියල් මිලියන 399
- සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 1.9
- ලංකෙන් ඩිවොලොප්මන්ට් රුපියල් මිලියන 1.3
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


