27.2 C
Galle

ලංකා අයිඕසී සමාගම මාස තුනක දී බිලියන 12ක ලාභ ලබයි

Published:

ලංකා අයිඕසී සමාගම පසුගිය කාර්තුවේ එනම්, 2022 සැප්තැම්බර් 22 වැනි දිනයෙන් අවසන් වන කාර්තුවේ දී රුපියල් බිලියන 12ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර ඒ අනුව එක් කොටසක් සඳහා රුපියල් 50.00ක ශුද්ධ ලාභයක් උපයාගෙන ඇත. මේ අනුව ලංකා අයිඕසී සමාගමේ කොටස් හිමියන්ට ඉතා ඉක්මණින් වැඩි ලාභාංශයක් හිමිකර ගැනීමේ හැකියාවක් ඇති බවත් කොටස් මිල තවදුරටත් ඉහළ යා හැකි බවටත් ආයෝජකයෝ විශ්වාසය පළකර සිටිති.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්අයිඕසී සමාගම රුපියල් මිලියන 286
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 156
  • ජෝන් කීල්ස් සමාගම රුපයල් මිලියන 134

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 15
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • රිල් ප්‍රොපර්ටි සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 50%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම 20%
  • එස්එන්බී ලීසිං සමාගම 12.5%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කහවත්ත වැවිලි සමාගම කොටස් 600,000ක් රුපියල් 38.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 248,000ක් රුපියල් 130.00 බැගින්
  • රිල් ප්‍රොපර්ටි සමාගම කොටස් මිලියන 3.25ක් රුපියල් 6.20 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 311
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 184
  • නන්ද ෆිනෑන්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 111ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 10ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 101ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සීඅයිසී සමාගම රුපිියල් මිලියන 71
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 13
  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ප්‍රින්ට් කෙයාර් සමාගම රුපියල් 600,000.00
  • යුනයිටඩ් මෝර්ටර්ස් රුපියල් 600,000.00

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!