27.8 C
Galle

කටුවෙන් බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමුවෙයි

Published:

කටුවෙන් එකිනෙකට බද්ධ වූ ඉබ්බන් දෙදෙනකු හමු වූ බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකය පවසයි.

එම ඉබ්බන් තාරකා ඉබ්බන් බවත් කුඩා පැටවුන් වන ඔවුන් අඟල් 4ක පමණ විශාලත්වයෙන් යුතු බවත් පශු වෛද්‍ය නිලධාරීන් කීවේය. මෙය ඉතාමත් දුර්ලභ අවස්ථාවක් වුව ද එම සතුන් දෙදෙනා එකිනෙක වෙන් කිරීමට නියමිත බව ද වනජීවී පශු වෛද්‍යවරු කියති. කටුවෙන් වෙන්කිරීමෙන් පසු ඔවුන් රක්ෂිතයකට මුදාහැරීමට නියමිතය.

ඡායාරූපය – lankadeepa.lk

Related articles

spot_img
error: Content is protected !!