27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 15,478ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,307ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 199ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,802ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 192
  • ජෝන් කීල්ස් සමාගම රුපයල් මිලියන 168
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 152

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 23
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.9
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම (X) 23%
  • සමූපකාර රක්ෂණ සමාගම 16%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 1,000,000ක් රුපියල් 133.00 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 500,000ක් රුපියල් 96.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 324
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 206ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 13ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 193ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපිියල් මිලියන 102
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 64
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 20

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩි‍වෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 03
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 02
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!