27.2 C
Galle

ඇමෙරිකා යාමට හැදූ රන්ජන් ආපසු හරවා යවයි

Published:

විදේශගත වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් තිබිය දී එය නොතකා ඊයේ (27) ඇමෙරිකාව බලා යාමට උත්සාහ ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආපසු හරවා යැවීමට කටයුතු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා ඔහු ඊයේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටින් පිටවීමට උත්සාහ ගෙන ඇත.

ඔහුට එරෙහිව විභාගවන නඩු දෙකකට අදාලව අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බැවින් මෙලෙස රන්ජන් රාමනායක යළි හරවා යවා තිබේ.

Related articles

error: Content is protected !!