27.2 C
Galle

අම්මාගේත්, සුළු පියාගේත් රණ්ඩුවට මැද වූ පුතා පිහි පහරකින් මරුට

Published:

කොස්මෝදර, වරල්ල, උවරගල ප්‍රදේශයේ නිවසක ඊයේ (27) රාත්‍රී සැමියා සිය බිරිඳට එල්ල කළ පිහිපහරක් දරුවකුගේ හිසට වැදීමෙන් එම දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෑගොඩ ගමගේ සදෙව් මෙත්සර නමැති 09 හැවිරිදි පාසල් සිසුවෙකි. ඔහු මොරවක වැලිව බෞද්ධ විද්‍යාලයේ 05 වැනි වසරේ ඉගෙනුම ලබයි.

දරුවා එම මවගේ පළමු විවාහයේ දෙවැනි දරුවා බව පොලිසිය පවසයි. සිය මව සහ ඇගේ දෙවැනි සැමියා අතර ඇති වූ ආරවුලට මැදි වූ එම දරුවා තුවාල ලැබීමෙන් පසු මව විසින් කොස්නිල්ගොඩ රෝහලට ඊයේ (27) රාත්‍රියේ ම ඇතුළත් කර තිබිණි. දරුවාගේ තත්වය බරපතල බැවින් ඊයේ රාත්‍රියේ ම කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබූ අතර අද (28) උදෑසන ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.

මෙම ඝාතනයට සැකපිට පර්පල් රේන්ජ් ගායක කණ්ඩායමේ සාමාජිකයකු වන ප්‍රසන්න වික්‍රමගේ නමැති අයකු අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතය.

Related articles

error: Content is protected !!