27.8 C
Galle

පොලිස් වෙඩි පහරින් පාසල් සිසුවකුට තුවාල

Published:

මාතර තිහගොඩ ප්‍රදේශයේ දී සිදුකළ පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අද (28) සවස ඇති වූ ගැටුම්කාරී තත්වයක් අතරතුර තිහගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් විසින් කරන ලද වෙඩි තැබීමකින් එම දරුවා තුවාල ලබා ඇත.

පොලිසිය පවසන්නේ එම නිලධාරියාගේ අත් වැරදීමකින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවයි. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ  සේවය ද අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!