27.2 C
Galle

කො‍ටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 14,380 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,009ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 73ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,728ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 143
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 137
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපයල් මිලියන 82

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
  • මුලර්ස් සමාගම කොටස් මිලියන 04
  • රිචඩ් පීරිස් සමාගම කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන් ජෙම්ස් සමාගම 15%
  • ඔඩෙල් සමාගම 07%
  • සෙලාන් බැංකුව 06%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 315
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 185

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 141ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 04ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 137ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපිියල් මිලියන 48
  • සීටී හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 26
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 25

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • බයිරහා ෆාම්ස් සමාගම රුපියල් මිලියන 1.3
  • එයිට්කන්ට් ස්පෙන්ස් හොටෙල්ස් සමාගම රුපියල් මිලියන 0.4

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!