27.2 C
Galle

ගුවන් ගමන් පාලනය කිරීම ශ්‍රී ලංකාවට අහිමි වෙයි ?

Published:

ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා සඳහා ලබා දෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශ රටවල් වෙත පැවරීමට සිදුවනු ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙයට හේතු වී ඇත්තේ මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයයි. ඒ සඳහා 150ක පිරිසක් සිටිය යුතු වුව ද ඇත්තේ 80ක පිරිසකි. මේ හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවට ගොඩබාන සහ ශ්‍රී ලංකාවේ සිට පියාසැරිය ආරම්භ කරන ගුවන් යානා පාලනය කිරීම පමණක් සිදුවන බවත් ජාත්‍යන්තර ගුවන් යානා පාලන කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බවත් වාර්තා වේ.

මෙම තත්වය හමුවේ ශ්‍රී ලංකාව ඔස්සේ පියාසරකරන යානා හැසිරවීම ඉන්දියාවට සහ ඕස්ට්‍රේලියාවට හිමිවීමට ඉඩ ඇත.

Related articles

error: Content is protected !!