28.9 C
Galle

වායු ගෝළය යළි කැළඹේ. අද සවස මහ වැසි

Published:

නැවත වතාවක් ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ හටගෙන ඇති කැළඹිලි  ස්වභාවය හේතුවෙන් අද (31) සවස දිවයින පුරා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාල‍යේ දී වැසි ඇති වේ.

උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!