27.2 C
Galle

දස හැවිරිදි දරුවකු සොරකම් 30ක් කරලා

Published:

සොරකම් 29ක් සිදුකළ 10 හැවිරිදි දරුවකු තවත් සොරකමක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය පවසයි.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළු වෙළෙඳාම කරන පුද්ගලයකුගෙන් රුපියල් 9700.00ක මුදලක් සොරකම් කිරීමේ දී ය.

ජාඇළ, ඒකළ ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා තමන්ගේ රුපියල් 9,700.00ක මුදලක් සොරගත් බවට මාළු වෙළෙන්දා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකාර දරුවා අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් දරුවා තමන් විසින් සිදුකරන ලද සොරකම් 29ක් පිළිබඳ අනාවරණය කර ඇති අතර නිවාසවලට ඇතුළු වී ජංගම දුරකථන සොරකම් කිරීම්, ත්‍රී රෝද රථවලින් අමතර කොටස් ගැලවීම, යතුරුපැදි අමතර කොටස් පැහැර ගැනීම්, මුදල් සොරකම් කිරීම් ඇති බව පොලිසිය පවසයි.

මව සහ පියා වෙන්වීම හේතුවෙන් මෙම දරුවාගේ පාසල් අධ්‍යාපනය අතරමග නතර වී ඇති අතර අධ්‍යාපනය ලබා ඇත්තේ 04 වැනි වසර දක්වා පමණි.

පොලිසිය පවසන්නේ සොරකම් කරන ලද මුදල්වලින් ඔහු මිතුරන් සමඟ ගොස් ‍විවිධ ආහාර පාන රැගෙන ඇති බවයි. එමෙන් ම ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවන් කිහිප දෙනකුට ඔහු ණයට මුදල් දී ඇති බව ද අනාවරණය වී තිබේ.

මේ දරුවා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද පොලිසිය පවසයි. ඔහු පාසල් අධ්‍යාපනය නැවත ආරම්භ කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බව ද පොලිසියේ දී පවසා ඇත.

Related articles

error: Content is protected !!