28.9 C
Galle

කැබිතිගොල්ලෑවේ කලබලයක්, පොලිසියෙන් අහසට වෙඩි

Published:

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට පොලිසිය අහසට වෙඩි තැබූ බව වාර්තා වේ.

අලියෙකු පහර දීමෙන් කාන්තාවක් මියගොස් ඇතැයි දැනගැනීමට ලැබීම හේතුවෙන් පොලිසිය එම ප්‍රදේශයට ගොස් තිබිණි. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර ඇති අතර පොලිසිය එය වළක්වා තිබේ.

එම අවස්ථාවේ දී ගම්වාසීන් අතර සිටි අයකු එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇත.

Related articles

spot_img
error: Content is protected !!