27.6 C
Galle

රටේ  ප්‍රධාන ආහාරයත් එක්ක සෙල්ලම්කරලා ආණ්ඩුකරන්න බැහැ – ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානය

Published:

රටේ ප්‍රධාන ආහාරයත් එක්ක සෙල්ලම් කරන්න ගියහොත් ආණ්ඩු කිරිමට නොහැකිවන බව ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ ලේකම් දර්ශන තන්ත්‍රීගේ සඳහන් කරයි.

ඔහු ඒ බව සඳහන් කරනු ලැබුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා ක්‍රියාකාරින්ගේ සන්ධානයේ දිස්ත්‍රික් මණ්ඩලය පිහිටුවන අවස්ථාවේදිය.

එහිදි වැඩිදුරටත්  අදහස් දැක්වු හෙතෙම මෙසේ ද කීවේය. “අපේ රටේ ප්‍රධාන ආහාරය බත්. ඒකට අවශ්‍ය සහල්  වැඩිම ප්‍රමාණය  නිපදවෙන්නේ  උතුරු මැද, නැගෙනහිර, වයඹ, ඌව, දකුණ  සහ උතුරු පළාත්වල. මේ  රටේ වැඩිම දුප්පතුන් ප්‍රමාණය ඉන්නෙ වැඩිම වී ගොවින් ඉන්න දිස්ත්‍රික්වල. මොකද එහෙම වෙන්නේ. රටේ ප්‍රධානම ආහාරය සපයන අය වැඩිම පාරිභෝගික අවශ්‍යතාවයට අදාල නිපැයුම කරන අය දුප්පත් වෙන්නේ කොහොමද?  ආණ්ඩු කරන්නේ මේ ගොවියත් එක්ක සෙල්ලම් කරනවා. එක්කෝ පොහොර ටික දෙන්නේ නෑ. එහෙම නැත්නම් නිස්පාදන සාධාරණ මිලකට ගන්නෙ නෑ. දිගින් දිගටම කරන්නේ ගොවියා එක්ක සහ බත්පත එක්ක සෙල්ලම් කරනවා. ගෝඨාභයට යන්න වුනේ ගොවින් දිහා නොබැලීමෙන්. ඒවා හොඳ

Related articles

error: Content is protected !!