27.2 C
Galle

සනත් නිශාන්තගේ රියේ හැපුණු දෙදරු පියා මියයයි

Published:

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රථයේ ගැටී තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ධීවර ගම්මානයේ පදිංචිව සිටි 48 හැවිරිදි දෙදරු පියෙකි.

ඔහු අනතුරට ලක්ව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 15 වැනි දා පුත්තලම කුරුණෑගල මාර්ගයේ වටරවුම් පාර ආසන්නයේ දී ය.

ඇමතිවරයාගේ රථය එම රථයට ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව ඇතැයි ද වාර්තා වේ. අනතුර සිදු වූ අවස්ථාවේ දී එම රථය පැදවූ බව කියන රියදුරා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බවත් තුවාල ලබා සිටි පුද්ගලයා ඔක්තෝබර් 30 වැනි දා මියගිය බැවින් ඔහු නැවත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!